අපේ Facebook පිටුව සමග සම්බන්ධ වෙන්න

Please wait..10 Seconds Close

ව්‍යවස්ථාව


ව්‍යවස්ථාව
1)      නම :- සිංහල ශ්‍රී ලංකා.
2)      ආරම්භය : 2019 මයි මස 07 වන දින මහනුවරදී 
3)      ප්‍රධාන කාර්‍යාල ලිපිනය :- 158/c/3 සැන්කුවර් ජනපදය, නුවරඑලිය පාර , පරදෙක, ගම්පොල.
4)      වෙබ් අඩවිය:- www.sinhalasrilanka.com
5)      විද්‍යුත් තැපැල්:- sinhalasrilanka.info@Gmail.com / sinhalasrilanka.info@gmail.con
6)      දැක්ම :- සිංහලයන්ට හිමි සිංහල දේශය තුල අන් ජාතියකට යටත් නැති සිංහල ශ්‍රී ලංකාවක් ගොඩනැගීම .
7)      මෙහෙවර:-  ශ්‍රී ලංකාව තුල සියළු කටයුතු වලදී සිංහලයන්ට හිමිවිය යුතු නිසි තැන ලබාගැනීම සදහා කටයුතු කිරුම
8)    අරමුණු:-
i)        වෙනස් කරන ලද සිංහල නම් ඇති මාර්ග ගම් සහ ස්ථාන නැවත සිංහල නම් යෙදවීමට කටයුතු කිරීම. +
ii)      සිංහල ව්‍යාපාරිකයන් ශක්තිමත් කිරීම තුලින් රටේ සංවර්ධනයට උරදීම සහ ඔවුනට අවශ්‍ය වන සහයෝගයන් ලබාදීම .+
iii)    සිංහල දුප්පත් පවුල් සදහා ශක්තිමත් ආර්ථිකයක් ගොඩනැගීමට අවශ්‍ය කටයුතු සම්පාදනය.+
iv)    සිංහල දරුවන් හට අද්‍යාපනය සදහා උදවූ උපකාර කිරීම.+
v)      ආගම අනුව පාසල් බිහි නොවීමට කටයුතු කිරීම
vi)    පාලන තන්ත්‍ර වල තනතුරු ලබා දීමේදී ජන අනුපාතය අනිවාර්ය කිරීම
vii)  කුඹුරු ගොඩ කිරීම වැලැක්වීම සදහා කටයුතු කිරීම
viii)            සැම විටම රාජ්‍ය නායකයා බෞද්ධ නායකයකු විය යුතුය යන මතය පවත්වාගන යාම සදහා කටයුතු කිරීම­­­­­­
ix)    රටේ පවතින නීති හා ජන අනුපාතය අනුව සිද්ධස්ථාන ඉදිකිරිම පිලිබදව පෙනී සිටීම හා බලකිරීම
x)      දුෂ්කර වෙහෙර විහාර ප්‍රතිසංස්කරණය සදහා කටයුතු සම්පාදනය .+
xi)     වෙහෙර විහාරස්ථාන සතු ඉඩම් වල බදු අයිතිය සිංහල ජනතාවට ලබාදීමට අවශ්‍ය කටයුතු සම්පාදනය.+
xii)  සෑම නගරයකම ව්‍යාපාර සම්බන්දි කරණය කිරීම තුලින් පාඩු ලබන හෝ වැසීමට ලක්විය හැකි සිංහල වෙළදසැල් ශක්තිමත් කිරීමට අවශ්‍ය සහයෝගය සහ මගපෙන්වීම ලබාදීම .+
xiii)            සිංහල ව්‍යාපාර හදුනාගැනීම සදහා සිංහල ශ්‍රී ලංකා ලකුණ ප්‍රචලිත කිරීම.+
xiv)සිංහලයන් සතු ඉඩකඩම් සහ දේපල සිංහලයන් වෙතම තබාගැනීමට අවශ්‍ය කටයුතු සංවිධානය.+
xv)   දරුවන් අධ්‍යාපන කටයුතු කෙරෙහි දිරිමත් කිරීම.
xvi)වියකි යන සිංහල සංස්කෘතික උරුමයන් සහ කලාවන් ආරක්ෂකරගැනීම සදහා වැඩසටහන් සංවිධානය.+
xvii)          සෑම දිස්ත්‍රික්කයකම අංගම්පොර පුහුණු මධ්‍යස්ථානයක් පිහිටුවීම.+
xviii)        කෘෂිකර්ම දැනුම බෙදාහැරිම තුලින් සිංහල ගොවි පවුල් ශක්තිමත්  කිරීම.+
xix) බෞද්ධ ජනතාව සෑම ඉරිදාවකම පන්සල වෙත ගෙන්වීම සදහා වැඩසටහන් සම්පාදනය.+
xx)  රුක් රෝපණය , ලේ දන්දීම් , දන්සල්, දැනුවත්කිරීමේ වැඩසටහන් සංවිධානය.+
xxi).
xxii)          .





9)    ලාංජනය :- 



  
a)       වර්ණය -
i)        කළු පැහැයට හුරු රතු පැහැය
·         මේ එමගින් සිංහල ජාතිය නිරුපනය වේ
ii)      සුදු පැහැය
·         අවංක කම , පිරිසිදු බව, කැපිපෙනෙන බව   නිරුපනය වේ
b)      ඔටුන්න
i)        සිංහල ජාතියට ඔටුන්න හිමි බව හගවයි
c)       .ඔටුන්නෙහි පලිගු පහ
i)        පංච මහා බලවේග නිරුපනය වේ
d)       


10)  සාමාජිකත්වය ලබාගැනීම :-
a)        සියළු සාමාජික සාමාජිකාවන් වයස අවුරැදු 14 ට වැඩි සිංහල පුද්ගලයන් විය යුතුය.
b)      නව සාමාජිකත්වය සදහා (අයදුම් 002 ෆෝරමය ) ආදර්ශ අයදුම්පත්‍රය පුරවා ලේකම් තුමා වෙත බාරදිය යුතුය.
c)       නව සාමාජික අයදුම්පත පිළිගනිම හෝ නිෂ්ප්‍රභා කිරිමට ගරු සභාපති තුමා ලේකම් තුමා ජාතික සංවිධායක තුමා  ඇතුළු කෘත්‍යාධිකාරී මණ්ඩල සාමාජිකයන් හට හිමිකමක් ඇත.
i)         සිංහල ශ්‍රී ලංකා අතුරු සමිතිවල එම බලය හිමිවන්නේ සභාපති ලේකම් සහ අනුශාසක ස්වාමින් වහන්සේ හටයි.
11)  සාමාජිකයන් සතු යුතුකම් වගකීම්.
i)        සියළු සාමාජික සාමාජිකාවන් අවංකව හා යහපත් ලෙසට සිංහල ශ්‍රී ලංකා සංවිධානයේ දැක්ම පරමාර්ථ හා අරමුණු ඉටුකරලීම උදෙසා බැදී සිටිය යුතුය.
ii)      කිසිදු ගැටුම්කාරී තත්වයක් අති නොකරගත යුතුය.
iii)    තම පුද්ගලික දේශපාලන මතවාද සිංහල ශ්‍රී ලංකා ජාතික ව්‍යාපාරය සමග කිසිදු අයුරකින් සම්බන්ධ නොකළ යුතු අතර, දේශපාලනයට සම්බන්ධ කිසිදු කතාබහක් සමිති තුල නොවීමට වගබලා ගත යුතුය
12)   නිලධාරී මණ්ඩලය
a)       සිංහල ශ්‍රී ලංකා ජාතික සංවිධානය
i)        සභාපති.
ii)      ලේකම්.
iii)    භාණ්ඩාගාරික.
iv)    ජාතික සංවිධායක.
v)      සංවිධායක.
vi)    කාන්තා සංවිධායක.
vii)  මාධ්‍ය කටයුතු සම්බන්දීකාරක.
viii)         නීති උපදේශක.
ix)    උප සභාපති.
x)      උප ලේකම්.
xi)     
xii)  .

b)      සිංහල ශ්‍රී ලංකා ශාඛා සමිති.
i)        සභාපති.
ii)      ලේකම්.
iii)    ප්‍රධාන භාණ්ඩාගාරික .
iv)    මුදල් මණ්ඩලය .
v)      සංවිධායක.
vi)    නීති උපදේශක.
vii)  උප සභාපති.
viii)            උප ලේකම්.
ix)     නිළ චායාරුප නිලධාරී .
·         ගරු ස්වාමින් වහන්සේ නමක් අනුශාසක ලෙසින් කටයුතු කල යුතු අතර අවශ්‍ය පරිදි තවත් අනුශාසක වරු පත්කළ හැක.

13)  ශාඛා සමිති පිහිටුවීම.
a)       ශ්‍රී ලංකාවේ හෝ වෙනත් රටකදී පිහිටුවිය හැක.
b)      ප්‍රධාන මවු සමිතියේ අනු දැනුම පිට ආරම්භ කල  යුතුය .
i)        නමුත් එසේ නොවන විටකදී ශාඛා සමිතිය පිහිටුවීමෙන් පසුව මව් සංගමයට දැනුම්දීම් කල හැක, එමෙන්ම දැනට පවතින ඕනෑම සමිතියකට හෝ සංවිධානයකට  සිංහල ශ්‍රී ලංකා ශාඛා සමිතියක් ලෙස කටයුතු කිරීම සදහා ඉල්ලුම් කිරීමේ හැකියාවක් පවතී.
ii)      එසේ දැනුම්දුන් විට කෘත්‍යාධිකාරී  මණ්ඩලය අනුමතකල සැනින් එය ශාඛා සමිතියක් ලෙස පිළිගනු ලැබේ.
iii)    කෘත්‍යාධිකාරී මණ්ඩල එක සාමාජිකයකු හෝ සමිති වාරයකට  සහභාගී වීමෙන් පසු එම සාමාජිකත්වය ලබාදෙනු ලැබේ.
c)       සමිති 001 ෆෝරමය පුරවා භාරදිය යුතුය
d)       
e)        

14)  කෘත්‍යාධිකාරී මණ්ඩලය
a)       සභාපති ලේකම් ජාතික සංවිධායක ප්‍රමුඛ පළමුපෙළ සාමාජිකයින්ගෙන් සමන්විත විය යුතුය
b)      කෘත්‍යාධිකාරී මණ්ඩලයේ සියළු සාමාජිකයන්ගේ එකගතාවය මත පමණක් කෘත්‍යාධිකාරී මණ්ඩල සාමාජිකත්වය ලබා දීම හෝ අහෝසි කිරීම සිදුකල හැක,නමුත් අත්‍යවශ්‍ය වූ විට  සභාපති ලේකම් සහ ජාතික සංවිධායක යන තිදෙනා හට එක්ව  තීරණයක් ගනිමට බලතල හිමිය
c)       .
d)      .

15)  මාද්‍ය භාවිතය
a)       ජනමාද්‍ය ආයතන සමග  සාකච්චා සිදුකිරීමට ප්‍රථම කෘත්‍යාධිකාරී මණ්ඩලයෙන් එහි අන්තර්ගතය සහ ප්‍රකාශ පිළිබද උපදෙස් පිය යුතුයි
b)      දැන්වීම් පලකිරීමට අවශ්‍යනම් මවු සංගමයේ ලේකම් හරහා එයට ලිකිතව අවසර ලබාගත යුතුය
c)       ශාඛා සමිති වල වෙබ් අඩවිවල සියළු පළකිරීම් පිළිබද වගකීම එම ශාඛා සමිතිය සහ එහි වෙබ් සංස්කාරක සතුයි
d)       

16)  මුදල් හැසිරවීම හා පාලනය
i)        මවු සංවිධානයේ  සිදුකරන සියළු වැඩසටහන් සදහා මුදල් ලැබීම වියදම් කිරීම පිලිබදව නිසි පරිදි සටහන් තබාගැනීම භාණ්ඩාගාරික තුමා විසින් සිදුකල යුතු අතර මේ සදහා සියළු සාමාජිකයින් සහයෝගය දැක්විය යුතුය. එමෙන්ම  එය කෘත්‍යාධිකාරී මණ්ඩලයේ අදීක්ෂණය යටතේ සිදුවිය යුතුය.
ii)      ශාඛා සමිති වල සියළු මුදල් ගනුදෙනු සටහන් තැබීම ඒ සමිති වල භාණ්ඩාගාරික සතු යුතුකමක් වන අතර මුදල් මණ්ඩලයක් හරහා සියළු ගනු දෙනු පිලිබදව සොයාබැලිය යුතුය.  එම මුදල් ගනුදෙනු  සම්බන්ධව ඕනෑම  අවස්ථාවක  පරික්ෂා කිරීමට මවු සමිතියට අයිතියක් ඇත.
·         ශාඛා සමිති වල අරමුදල් හෝ සාමාජික මුදල් එකතු කිරීමක් සිදුවන්නේ නම්  ඒ සමිතිවල යෝජනා ස්ථිරත්වයෙන් සිදුකල හැක. එසේ මුදල් එකතු කරන්නේනම් අනිවාර්යෙන් මුදල් මණ්ඩලයක්  පත්කරගෙන තිබිය යුතුය.
(a)    එසේ එකතුකරන මුදල් සම්බන්ද සියළු වගකීම් සහ නීතිමය පසුබිම  එම ශාඛා සමිතියට පැවරෙන අතර , මුදල් මණ්ඩලය එය හොදින් අදීක්ෂණය කල යුතුය.
·         තෙමසකට වරක් අය වැය වාර්තාවේ සහතික කල පිටපතක්  සිංහල  ශ්‍රී ලංකා ප්‍රධාන ශාඛව වෙත ලබා දිය යුතුය.
iii)    .
iv)     

17)  සාමාජිකත්වයක් අහෝසි වීම.
i)        සංවිධානයේ අරමුණු හා පරමාර්ථ වලට පටහැනිව යම්කිසි සාමාජිකයෙකු කටයුතු කරන බවට හැගී ගියහොත් නිලදාරී මණ්ඩලයේ බහුතරයේ (3/4) කැමැත්ත පරිදි ඔහුගේ හෝ අයගේ සාමාජිකත්වය අහෝසි කල හැක.
ii)      සමිති වාර 03 කට හෝ වැඩි ගණනකට සහභාගී නොවීම..
·         සාදාරන හේතු දැන්ව තිබුණහොත් මෙය අදාල නොවේ .
iii)    ඕනෑම සාමාජිකයකු සිය කැමැත්තෙන් සාමාජිකත්වය අහෝසි කරන්නේ නම් ඒ පිලිබදව ලිඛිතව ලේකම් තුමා වෙත දැනුම් දීම තුලින් එම සාමාජිකයාගේ සාමාජිකත්වය අහෝසි කල හැක.
18)  ව්‍යවස්ථා සංශෝධනය.
a)       කලින් කළ අවශ්‍ය වන පරිදි ව්‍යවස්ථා සංශෝධනය කිරීමට, නව ව්‍යවස්ථා පැනවීමට තිබෙන ව්‍යවස්ථාවේ වගන්ති ඉවත් කිරීමට කෘත්‍යාධිකාරී මණ්ඩලයට බලය ඇත.



+ වැඩි දුර විස්තර සහිතයි



රවීන්ද්‍ර k වීරරත්න
නිර්මාතෘ
සිංහල ශ්‍රී ලංකා ජාතික ව්‍යාපාරය

No comments:

Post a Comment

ඔබේ අදහස් දක්වන්න .එය අපට ඉතා වැදගත් වේවි

Pages