අපේ Facebook පිටුව සමග සම්බන්ධ වෙන්න

Please wait..10 Seconds Close

සිංහලයො යනු කවුද..? ( සිංහල ශ්‍රී ලංකා )


ඔබ පැවත එන්නේ කාගෙන්ද..?


මොහොතක් සිතන්න. කියවන එක නවත්තන්න. දැන් මතක්කරන්න. ඔබට පාසලේ කියාදුන් පාඩම් සිහිවුවානම් ඔබ  ගේ හිතට එක්වරම මතක්වූවේ කුමක්ද..?
විජය කුමරු ඉන්දියාවේ සිට පැමින තඹ පැහැ වැල්ලක් ඇති බිමකට පිවිස එහි කපුකටිමින් සිටි කුවේනි සරණ පාවා ගෙන දරුවන් හදා. ඒ දරුවන් සහ කුවේනි අතහැර මදුරා පුරයෙන් රූමත් කුමාරිකාවක් ගෙන්වාගෙන් රජවී රට පාලනය කල බව නේද..?
ඔබ නිවැරදියි. ඔවු නැවතත් කියන්නෙ ඔබ නිවැරදී. මේ අදයාපනය ක්‍රමය තුල ඔබ නිවැරදී නමුත් සත්‍ය තුල ඔබ කිසිසේත් නිවැරදි නැත.
     බුදුන් වහන්සේ ලංකා ගමනය සිදුවන විටත් මේ ලක්දිව යක්ශයින් සිටි දිවයිනකි. උන් වහන්සේ ඔවුන්ව තම දේශණා තුලින් ධමනය කලහ. නා රජුන් දෙදෙනෙක් රනින් කැටයම් කල ඇනර්ඝ මැණික් එබ්බවූ සින්හාසනයක් වෙනුවෙන් යුද්ධයක් කිරීමට සැරසෙන විට වැඩමවා ඒ නාගයින් දෙපල දමණයකලහ. ඒ රන් සිහසුන නිධන් කර දාගැබක් කරවූහ.
     මොහොතක් සිතන්න අපගේ ඉතිහාසය සගවා යටපත් කල අපූරුව.
නාග රජුන් දෙදෙනෙක් 🐍 🐍  යුද්ධයක් ..!! සිතට එන්නේ සර්පයන් දෙදෙනෙකු නොවේද. මහාචාර්ය වරුන් මෙය නිවැරදි කරන්නේ නැත්තේ මන්ද. එය සටහන් විය යුත්තේ චූලෝදර මහෝදර නම් නාග ගෝත්‍රික රජ පෙලපත් දෙකක කුමාරවරු දෙදෙනෙක් රන් සිංහාසනයක් වෙනුවෙන් යුද්ධ කල වග.  එය අපගේ සිංහල අතීතය වැලලූ එක් ස්ථානයකි.
     බුදුන් පළමු ලංකා ගමනේදී සිදුකල ‍යක්ඛ දමනය යනු යක්ඛ රජු ගේ පිං මහිමයෙන් ඔහුට උතුම් වූ නිර්වානය ලබා දීම සදහා මහත් වූ අනුකම්පාවෙන් අප මහා බුදුන් වහන්සේ ලංකාදීපයට වැඩි සේක ලෙසින් සටහන්ව තිබිය යුතු බව නොහැගේද.
එමෙන්ම විජය යනු කවුද..? ඉන්දියාවේ රජුගේ පුත් කුමාරයෙක් වුවත් හොරකම්, මැරකම්, මිනී මැරීම්, කාන්තා දූශණ, මන්කොල්ල කෑම්, සිදුකර ඒ රටට එපා කරවූ අයෙකි ඔහුගේ පිරිවරද සමග මුහුදට දමන්නෙ රටටම එපා වී ය. අප රටේ සිටි ආගන්තුක සත්කාර දන්නා විශේෂ හැකියාවන් සහිත ජාතියක් වූ යක්ඛ ගෝත්‍රික කුවේනිය තනිවම විශාල පිරිසක් තම හැකියාවෙන් සගවයි. එවැනි හැකියාවක් ඇති යක්ඛ ගෝත්‍රිකයන්ව රවටා රටේ බලය අල්ලා ගන්නෙ ඔහුගේ සටකපට කමිනි.
නමුත් අපගේ යක්ඛ ගෝත්‍රිකයන් ඔවුන් සමග නොපෑහී සිටි බව ඕනෑ තරම් සාදක ඇත. විජයගේ පරපුර ට වඩා යක්ඛ පරපුර බලවත් ය. ඔවුන් බුදු බනට ගරුකරමින් යුද්ධය සහ ලේ වැගිරීම ප්‍රතික්ශේප කල පිරිසක් වූ බැවින් අපගේ යක්ඛ පරපුර යුද නොවැදී පරපුර රැක ගනිමින් පැමිනියහ.
අද වනවිට සිටිනා සිංහලයන් ජාතීන් වර්ග කිහිපයක් සිටී.
➡️යක්ඛ පරපුරෙන් (රාවණා) ජාතක වුන
➡️විජය පරපුරෙන් ජාතක උන
➡️සුද්දගෙ පරපුරෙන් ජාත උන
➡️මරක්කල පරපුරෙන් ජාතක වුන
ඔබ සිතන්න ඔබ පැවත එන්නෙ කාගේ පරපුරෙන්ද කියා. ( කමෙන්ටුවක් දමන්න කාරුනික වන්න😀😄😄)
නියම සිංහලයන් යක්ඛ පරපුරින් පැවත එන බව තරයේ සිහි තබාගන්න.
ඔබගේ ඇගේ නියම සිංහල ලේ දුවනවානම් අපගේ මේ රට " සිංහල ශ්‍රි ලංකා " වක් කිරීම සදහා එක්වන්න. අපේ රට සිංහල දීපයක් කිරීම යක්ඛ පරපුරේ එකමුතුව වැදගත් බව තරයේ සිතාගන්න.
තෙරුවන් සරණයි
සටහන
රවින්ද්‍ර k වීරරත්න
නිර්මාතෘ
සිංහල ශ්‍රී ලංකා ජාතික ව්‍යාපාරය වෙනුවෙන්
https://www.sinhalasrilanka.com
Fb.me/sinhala.sisl

No comments:

Post a Comment

ඔබේ අදහස් දක්වන්න .එය අපට ඉතා වැදගත් වේවි

Pages